තෛපොංගල් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා

තෛපොංගල් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා

by Staff writer 14-01-2026 | 10:24 AM

COLOMBO (News1st) - තෛපොංගල් උත්සවය සැමරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීන් පවසයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටි.එච්.ආර්.ටි.චන්ද්‍රසිරි පැවසුවේ, හැටන්, නුවරඑළිය, බදුල්ල ඇතුළු නගර කිහිපයක් වෙත අමතර බස් සේවා යොදවන බවයි.

මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ බැස්ටියන් මාවත දුරගමන් සේවා බස් නැවතුම් පොළෙන් හා ප්‍රධාන නග‍ෙවල සිට විශේෂ ප්‍රවාහන සේවා යොදවා ඇති බවයි.