.webp)
-608489.jpg)
මියගිය පිරිස අතර ඉරාන ආරක්ෂක අංශ නිළධාරීන් 147 දෙනෙකු සහ දරුවන් 12දෙනෙකු ද වේ.
පවතින කලබලකාරී තත්වය හමුවේ විරෝධතාකරුවන් 18,434ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.
එම විරෝධතා මේ වනවිට ඉරානයේ පළාත් 31ක, නගර 187 ක, ස්ථාන 614ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි.
පසුගිය 28 වැනිදා ඉරානය පුරා එලෙස විරෝධතා ආරම්භ වුණේ ඉහළ යන ජීවන වියදමට සහ ආණ්ඩුවට එරෙහිවයි.
මේ තත්ත්වයට ඇමරිකාව මේ වනවිට දැඩි විරෝධයක් පාමින් සිටින අතර එරට ට්‍රම්ප් ජනාධිපතිවරයා නැවත නැවතත් අවධාරණය කළේ, එම විරෝධතාකරුවන් සහය වීමට ඇමරිකාව සූදානම් බවයි.
ඉරානයට සම්බන්ධ රටවලට විවිධ අනතුරු ඇඟවීම්ද ඔහු සිදුකර ඇති අතර ඉරානය සමග ව්‍යාපාර ගනුදෙනු කරන ඕනෑම රටකට, 25%ක අමතර තීරු බද්දක් පැනවීමටද ඔහු පියවර ගත්තා.
