පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලෙන් මූල්‍ය ආධාර

ආපදාවට ලක්වූ පාසල් දරුවන් සඳහා ජනාධිපති අරමුදලේ මූල්‍ය ආධාර ලබාදීම ඇරඹේ

by Staff writer 14-01-2026 | 11:59 AM

COLOMBO (News 1st) - දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන රු 10,000 දීමනාව ලබාදීම මේවන විට ආරම්භ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ, ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමුකර ඇති බවයි.

රජයෙන් ලබා දුන් රු 15,000 දීමනාව හිමිවූ සියලු පාසල් සිසුන්ට මෙම දීමනාව හිමිවේ.

ඒ අනුව ආපදාවට ලක්වූ සෑම පාසල් සිසුවෙකුටම රු 25,000ක මූල්‍ය ආධාරයක් හිමිවනු ඇත.