.webp)

COLOMBO(News1st) - ශ්‍රමයේ මහිමයටත් සොබාදහමෙන් ලද රැකවරණටත් ස්වකීය කෘතඥතාව පළකරන උදාර සංස්කෘතික සම්ප්රදායක අභිමානය සනිටුහන් කරමින්, තෛපොංගල් උත්සවය සමරන දෙස් විදෙස් දෙමළ ජනතාව වෙත මගේ හෘදයාංගම ශුභාශිංසනය පිරිනමමි.
මිනිස් ජීවිතය ස්වභාවධර්මය සමඟ කෙතරම් අවියෝජනීය ලෙස බැඳී පවතින්නේ ද යන්න මෙම උතුම් මංගල්‍යය ලොවට පසක්කරයි. අප සැම ස්වභාවධර්මයේම නිර්මාණයෝය. සොබාදහමට අකීකරුවීමෙන් හෝ එය අභිබවා යමින් අපට යාහැකි ගමනක් නැත. ඒ අර්ථයෙන් සොබාදහමෙන් අපට ලැබෙන ආශිර්වාදයන්ට පෙරළා ගරු කිරීම අපගේ උතුම් මානුෂීය ගුණයක් ලෙස හැඳින්විය හැක.
රටක් ලෙස අප අද සිටින්නේ තීරණාත්මක වෙනසක අභිමුවය. ප්‍රතිපත්තිමය සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඔස්සේ, ආකල්පමය පරිවර්තනයක් ද ඇති කරමින්, දේශය 'පුනරුද යුගයක්' කරා මෙහෙයවීමේ දැවැන්ත වගකීම අප සැම සතුවේ. අභියෝග මධ්‍යයේ වුවද, රජයක් ලෙස අප එම වගකීම භාරගෙන දේශයේ අභිවෘද්ධිය උදෙසා වූ නව වසරකට අධිෂ්ඨානයෙන් යුතුව මුලපුරා ඇත්තෙමු.
"අපට බත් පතට අත තැබිය හැකිවන්නේ ගොවියා මඩේ පා තැබුවහොත් පමණි " යන කියමන අනුව, රටේ අනාගත සමෘද්ධිය වෙනුවෙන් අද අප කරන කැපවීම ද සරු අස්වැන්නක් අපේක්ෂාවෙන් වගා බිමක් සකස් කිරීම හා සමානය. සොබාදහමට ගරු කරමින් ඊට කෘතවේදීත්වය පළ කරන මෙම තෛපොංගල් උත්සවය, යහපත් සංස්කෘතික වටිනාකම්වලින් හෙබි පුරවැසියන් බිහි කිරීමට අපට කරන මග පෙන්වීමක් බඳු ය.
තෛපොංගල් මංගල්‍යය සමරන දෙමළ ජනතාවගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවායි ද, මෙම නව ආරම්භය සැමට සතුට සහ සෞභාග්‍යය උදා කරදීමට හේතුවේවායි කියා ද මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
එකිනෙකාට ගරු කිරීම, අන්‍ය ආගමික හා සංස්කෘතික අයිතීන් සුරැකීම වැනි උදාර ගුණාංග පෙරදැරි කර ගනිමින්, සංහිඳියාවෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මෙම තෛපොංගල් දිනයේදී අප සැම එක්ව අධිෂ්ඨාන කර ගනිමු.
තෛපොංගල් මංගල්‍යය සමරන දෙමළ ජනතාවගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවායි ද, මෙම නව ආරම්භය සැමට සතුට සහ සෞභාග්‍යය උදා කරදීමට හේතුවේවායි කියා ද මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.
