වෙනිසුවෙලා විපක්ෂ නායිකා සහ ට්‍රම්ප් අතර හමුවක්

වෙනිසුවෙලා විපක්ෂ නායිකා මරියා මචාඩෝ සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ලබන 15 වැනිදා - විදෙස් මාධ්‍ය

by Staff writer 13-01-2026 | 8:24 AM

COLOMBO (News 1st) - වෙනිසුවෙලාවේ විපක්ෂ නායිකා, මරියා මචාඩෝ ලබන 15 වැනිදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන බව, ධවල මන්දිරය තහවුරු කර තිබේ.

වෙනිසුවෙලානු භූමියේදී එරට ජනාධිපති නිකලස් මදූරෝ සහ එම ආර්යාව ග්‍රහණයට ගැනීමේ අමෙරිකානු මෙහෙයුමෙන් පසු ට්‍රම්ප් සහ මචාඩෝ හමුවන පළමු අවස්ථාව මෙය බව විදෙස් වාර්තා පෙන්වා දෙනු ලබයි.

කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට මරියා මචාඩෝ පිළිබඳ පැහැදීමක් නොමැති බවත් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ මරියා මචාඩෝ දිගින් දිගටම අමෙරිකානු හමුදා මෙහෙයුම් අගයමින් සහ අමෙරිකාවට ස්තුතිය පළ කරමින් අමෙරිකාවට පක්ෂපාතී බව පෙන්නුම් කළද ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී, මරියා මචාඩෝට නොබෙල් සාම ත්‍යාගයද හිමිවුණි.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එම සම්මානය බලාපොරොත්තුවෙන් සිටි පසුබිමකය.

තමන් යුධ ගැටුම් හතක් අවසන් කර ඇති බැවින් අවස්ථා ගණනාවකදී, සාම ත්‍යාගයට තමන් සුදුසු බව ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.

කෙසේ නමුත් ත්‍යාගය හිමිවුණේ, වෙනිසුවෙලානු විපක්ෂ නායිකාවටය.

පසුගියදා, ෆොක්ස් නිව්ස් ඔස්සේ ප්‍රවෘත්ති සකච්ඡාවකට එක්වෙමින්, තාමාට ලැබුණු නොබෙල් ත්‍යාගයට වඩාත් සුදුසු වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා බවත්,, මේ හේතුවෙන් නොබෙල් සම්මානය තමන් ට්‍රම්ප් වෙනුවෙන් කැපකරන බවත්, මරියා මචාඩෝ ප්‍රකාශ කරන ලදි.