ඕස්ට්‍රේලියාවේ දරුවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අක්‍රී

ඕස්ට්‍රේලියාවේ නව නීතී අනුව වයස අවුරුදු 16න් පහළ දරුවන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් ලක්ෂ 05කට වැඩි ප්‍රමාණයක් අක්‍රීය කරයි..

by Staff writer 12-01-2026 | 6:13 PM

COLOMBO (News 1st) - ඕස්ට්‍රේලියාවේ ළමුන් හට සමාජ මාධ්‍ය ගිණුම් ලක්ෂ  5 කට වැඩි ප්‍රමාණයක් අක්‍රිය කර තිබේ.

ඒ වයස අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් පැනවූ නව නීතියට අනුවය. 

පසුගිය දෙසැම්බර් මාසයේ සිට

Instagram ගිණුම් තුන්ලක්ෂ 30,639 ක්

Facebook ගිණුම් එක් ලක්ෂ 73,497

Threads ගිණුම්  39,916 ක් 

එලෙස අක්‍රිය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

දරුවන් අහිතකර අන්තර්ගතයන්ගෙන්  සහ ඇබ්බැහි කරවන ඇල්ගොරිදම වලින් ආරක්ෂා කිරීම එහි ප්‍රධාන අරමුණ බව සඳහන් වේ.