ඔයාමඩුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි

ඔයාමඩුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි. 7 දෙනෙකුට තුවාල..

by Staff writer 12-01-2026 | 5:18 PM

COLOMBO (News 1st) - අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ තවත් 7 දෙනෙකු ඉන් තුවාල ලබා ඇති බවය.

ත්‍රීරෝද රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

තුවාල ලැබූවන් අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.