.webp)
-608348.jpg)
පසුගිය ජනවාරි 2 වැනිදා දින සිද්ධියට අදාළ පිරිමි ළමයා සිය මව සහ පියා සමඟ නිවසේ සිටියදී මියගොස් තිබු අතර සිද්ධිය සම්බන්ධයෙන් නූරි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී මරණය සම්බන්ධයෙන් සැකයක් මතු වූ අතර, දරුවාගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මව සහ පියා අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මේ වනවිට කුරුවිට රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියි.
දරුවාගේ මරණය සම්බන්ධයෙන් දැඩි සැකයක් පවතින බව පවසමින් ඔහුගේ ඥාතීන් සහ නූරි වත්තේ ජනතාව පසුගියදා වතුයායේ විරෝධතාවක ද නිතර විය.
මරණයට නිශ්චිත හේතුව සෙවීමේ අරමුණින්, අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද(12) සිරුර ගොඩගත් අතර වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිරුර යොමු කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
