.webp)
-608360.jpg)
ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට හා අධ්‍යාපන අමාත්‍යවරියට විරෝධය පල කරමිනි.
අධ්‍යාපන අමාත්‍යංශය ඉදරිපිට ඇති CWW කන්නංගර පිළිරුවට පුෂ්පෝපහාර දක්වා විමල් වීරවංශ හිටපු මන්ත්‍රීවරයා සත්‍යග්‍රහය ආරම්භ කළේ ය.
පසුව කුඩා වේදිකාවක් සහ අට්ටාලයක්ද එම ස්ථානයේ සවි කෙරුණි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව විමල් වීරවංශ ආරම්භ කල සත්‍යග්‍රයට ඇප මත මුදා හැර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරද සහය පළ කළේ ය.
අද(12) පස්වරුවේ අධිකරණ නියෝගයක් භාර දෙමින් පොලීසිය විමල් වීරවංශට දැනුම් දුන්නේ උසස් පෙළ විභාග කටයුතුවලට හා ජනතාවට අවහිර නොකල යුතු බවයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මෙහිදී කියා සිටියේ අගමැති හරිනි අමරසූරිය ඉල්ලා අස්වන තෙක් සටන අඛණ්ඩව ඉදිරියට, ගෙනයන බවයි
