පසුගිය පැය 24 තුළ අයිස් ග්‍රෑම් 459ක් පොලිස් භාරය

පසුගිය පැය 24 තුළ රටම එකට ජාතික මෙහෙයුමෙන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 459 ක් පොලිස් භාරයට..

by Staff writer 11-01-2026 | 5:25 PM

COLOMBO (News 1st) - පසුගිය පැය 24 තුළ රටම එකට ජාතික මෙහෙයුම යටතේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 459ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා සිදුකළ වැටලීම් 308 කදීය.

එහිදී වැටලීම් 260 කදී පොලිස් භාරයට ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය, ග්‍රෑම් 385ක්.

ගංජා ග්‍රෑම් 499 ක් හා ගංජා පැළ 4358 ක් ද එහිදී පොලිස් භාරයට ගෙන තිබුණි.

ඒ පොලිස් මෙහෙයුම් 186 කදීය.

කුෂ් ග්‍රෑම් 4 ක්, හෂීෂ් ග්‍රෑම් 26 ක්, මත්පෙති 3376 ක්, මදනමෝදක කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 954 ක් සහ මාවා කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 992 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ පොලිස් මෙහෙයුම් 72 කදීය.