අධික උණුසුම නිසා වික්ටෝරියා ප්‍රාන්තයට දැඩි බලපෑම්

අධික උණුසුම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට දැඩි බලපෑම්..

by Staff writer 11-01-2026 | 5:04 PM

COLOMBO (News 1st) - අධික උණුසුම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

අධික උණුසුම හමුවේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් ප්‍රාන්තය පුරා අක්කර 860,000 කට වඩා වැඩි ප්‍රදේශයක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මිදි වතු සහ කෘෂිකාර්මික ඉඩම් මෙන්ම නිවාස ඇතුළු ව්‍යුහයන් 300 කට අධික ප්‍රමාණයක් ද එලෙස විනාශ වී ඇතැයි සඳහන්.

පුද්ගලයින් දහස් ගණනක් විදුලිය නොමැතිව පීඩාවට පත්ව තිබේ.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිනි, ජසින්ටා ඇලන් පැවසුවේ මේ වන විට ප්‍රාන්තය පුරා ලැව්ගිනි 30 කට වැඩි ප්‍රමාණයක් ඇවිලෙමින් පවතින බවය.

එම ලැව්ගිනි පාලනය කිරීමට තවත් සති කිහිපයක් ගතවනු ඇතැයි වික්ටෝරියා වන ගිනි කළමනාකරණ නිලධාරීන් පවසයි.

ඊට ගිනි නිවන භටයින් දහස් ගණනක් සහ ගුවන් යානා 70 කට වැඩි ප්‍රමාණයක් ද යොදා ගෙන ඇතැයි සඳහන්ය.