.webp)
-608183.jpg)
COLOMBO (News 1st) - විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සැකකරු අද (10) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදීය.
සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 20,700 ක් සහ විද්යුත් දුම්වැටි කිහිපයක්ද සොයාගෙන තිබුණි.
ඒවායේ වටිනාකම රුපියල් තිස් හය ලක්ෂ හතලිස් පන් දහසක්.
