.webp)

COLOMBO (News 1st) - නිරිත දිග බෙංගාල බොක්කේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතර වෙරළ තීරය හරහා ගමන් කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අද අලුයම 04 පමණ වන විට ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් ස්ථාන ගතව ඇති බවයි.
එය අද අලුයම 5.30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා ක්‍රමයෙන් දුර්වල වනු ඇති.
පීඩන අවපාතය බලපෑම හමුවේ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලමීටර් 100 වැඩි තද වැසි ඇති විය හැකි වෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ , මීට අමතරව පුත්තලම, අනුරාධපුර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වෙයි.
කුරුණෑගල ,පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
මේ අතර , පීඩන අවපාතය හේතුවෙන් උතුරු පළාතට අද දිනයේදී පැයට කිලෝමීටර් 70 පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇතිවිය හැකි වෙයි.
කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු මැද පළාතට පැයට කිලෝමීටර් 40ත් 50ත් දක්වා සහ නැගෙනහිර පළාතට පැයට කිලෝමීටර් 30 ත් 40ක් දක්වා තරමක තද සුළිං ඇතිවිය හැකි බවයි.
බස්නාහිර පළාතට පැයට කිලෝමීටර් 40ක් 50ක් දක්වා තද සුළං අද දිනය තුළ ඇති විය හැකි බව සඳහන් ය.
මේ අතර, ගාල්ල සිට කොළඹ , පුත්තලම, කන්කසන්තුරේ , ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතු වලින් වැලකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශයල ධීවර සහ නාවික කටයතුවල යෙදීම වළක්වාලමින් නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කළ බවයි.
මේ අතර මහනුවර, නුවරඑළිය , මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සඳහා අදියර දෙක සහ එක යටතේ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වෙයි.
