මීටියාගොඩ ඉඩමකින් ආයුධ සහ හෙරොයින් සොයා ගැනේ

මීටියාගොඩ ඉඩමකින් T56 ගිනි අවියක් ඇතුළු ආයුධ කිහිපයක් සහ හෙරොයින් තොගයක් සොයා ගැනේ

by Staff writer 09-01-2026 | 10:26 AM

COLOMBO (News 1st) - මිටියාගොඩ වේරගොඩ ප්‍රෙද්ශයේ ඉඩමක වළදමා තිබු T56 ගිනි අවියක් ඇතුළු ආයුධ හා හෙරෝයින් තොගයක් සොයාගෙන තිබේ.

ඒ ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව කළ වැටලීමකදීය.

විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ එහි තිබී ජිව උණ්ඩ 16ක් සහිත T56  පතරොම් ගැබක්,මිලි මිටර් 9 වර්ගයේ හිස් පතරොම් ගැබක් ද සොයා ගත් බවය.

සොයාගත් හෙරෝයින් ප්‍රමාණයේ බර ග්‍රෑම් 15ක්.

සිද්ධිය සම්බන්ධයෙන් එම ඉඩමේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මිටියාගොඩ  හරන්නාගල පාර ප්‍රෙද්ශයේ පදිංචි 45හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු  අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහෝදරයෙකු බවද පොලීසිය පැවසුවේ ය.