රඹුක්කන-ගලගෙදර කොටසේ ඉදිකිරීම්වලට ටෙන්ඩර් කැඳවයි..

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන ගලගෙදර අතර කොටසේ ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් කැඳවයි.. - ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය

by Staff writer 09-01-2026 | 6:22 AM

COLOMBO (News 1st) - මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන - ගලගෙදර අතර කොටසේ ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් කැඳවා තිබේ.

එම කොටසේ දුර  කිලෝ මීටර් 19 ක්.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ එහි ඉදිකිරීම් ලබන මැයි මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර රඹුක්කන අතර කොටසේ කාපට් ඇතිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

එහි ඉදිකීරීම් ලබන වසරේ මාර්තු මාසයේදි අවසන් කිරීමට නියමිතය.

වසර පහක් ඇණහිට තිබී පසුගියදා ඇරඹූ මධ්‍යම අධිවේගී මාර්ගයේ  කඩවත මීරිගම අතර කොටසේ ඉදිකිරීම්වලින් මේ වනවිට 40% ක් අවසන් කර ඇත.

එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව ඇත්තේ 2028 වසරේදීය.