මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දෙහිවලදී අත්අඩංගුවට..

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු දෙහිවලදී අත්අඩංගුවට..

by Staff writer 09-01-2026 | 11:48 AM

COLOMBO (News 1st) - ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ඊට ආධාර අනුබල ලබාදුන් කාන්තාවන් දෙදෙනෙකු දෙහිවලදී අත්අඩංගුවට ගෙන ති‌බේ.

පොලිසිය සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් දේපළ මිලදී ගැනිම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බව වේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීතී විරෝධී වත්කම් විමර්ෂණ කොට්ඨාසය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද (09) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.