.webp)
-608051.jpg)
COLOMBO (News 1st) - දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස වෙනුවෙන්, නව නිවාස ඉදි කිරිමේ සහ වන්දි ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (09) ආරම්භ වේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ය.
අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව , හඳුන්ගම , රාජාංගනය සහ සිරිමාපුර ප්‍රදේශවල ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදි කිරිමේ සමාරම්භක වැඩසටහන් පැවැත්වෙනු ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ එම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ නිකවැරටිය , විතිකුලිය මංසන්ධිය සහ රිදිගම දොඩම්ගස්ලන්ද ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින්ය.
ආපදා හේතුවෙන් පූර්ණ හානිවූ නිවාස සංඛ්‍යාව 6500ක්.
අර්ධ හානි වු නිවාස සංඛ්‍යාව එක් ලක්ෂ 13,000ක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමණාකරන අංශය සඳහන් කළේ ය.
පූර්ණ හානි වූ නිවසක් සඳහා මේ යටතේ රුපියල් ලක්ෂ 50ක් ලබාදෙනු ඇත.
ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ ජී ධර්මතිලක සඳහන් කළේ පළමු අධියර යටතේ නිවසක් තැනීම සඳහා ඉඩමක් හිමි පවුල්වලට නව නිවාස ඉදිකර දෙන බවය.
