.webp)
-608087.jpg)
COLOMBO (News 1st) - බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට රැඳවියන් දෙදෙනකු පහරදිමේ සිද්ධියට ආධාර දිමේ චෝදනාවට අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකයින් 4 දෙනා ඇප මුදා හැර තිබේ.
පොලීසිය පැවසුවේ ඔවුන් ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මතය.
බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනකු සහ බන්ධනාගාර නිලධාරින් අතර පසුගිය මස 07වන දින ඇතිවු කලහකාරි තත්වයේදී එම රැඳවියන් දෙදෙනා සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට පහරදි තිබුණි.
එහිදි CCTV කැමරා 55 කට ද හානි සිදුවී ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් ද මීට පෙර බන්ධනාගාර නියාමකවරයෙකු අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණි.
මේ අතර මෙම පහරදීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
