ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 17ක්

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 17ක්

by Staff writer 08-01-2026 | 9:55 AM

COLOMBO(News1st) -ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 17ක් සපිරෙයි.

ඔහු සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ මෙන්ම එඩිතර මාධ්‍යවේදියෙක්.

ආන්දෝලනාත්මක වංචා, දූෂණ ගණනාවක් සම්බන්ධයෙන් පැවැති රජයන් කිහිපයකට චෝදනා එල්ල කරමින් ලිපි ගණනාවක් ලියූ ඒ මහතා, විකාශකයෙක් මෙන්ම මානව හිමිකම් 
ක්‍රියාකාරිකයකු ලෙසද කටයුතු කළේ ය.

1994 – 2009 කාලයේ පැවැති රජයන් වල වැරදි අඩුපාඩු පෙන්වා දුන්නේ කිසිවෙකුටත් යටත් නොවෙමින්.

2009 වසරේ ජනවාරි 8 වැනිදා රත්මලාන අත්තිඩියේදී නාඳුනන පිරිසක් විසින් ඔහු ඝාතනය කළේ ය.

ඉන් 17 වසක් සපිරෙන අද, අපි සිහිපත් කරන්නේ දේශපාලන වේදිකාවල පොරොන්දුවලට සීමාවූ ලසන්තගේ මරණයට ඉටුවිය යුතු සාධාරණය මේ බිමේ සැබෑවක් කිරීම වත්මන් පාලකයන්ට අත්හළ නෙැහැකි වගකීමක් බවයි.