ලිට්‍රෝ මිල වෙනස් නොවෙයි

ජනවාරි මාසයට අදාළව ගෑස් මිලෙහි සංශෝධනයක් නැහැ. - ලිට්‍රෝ සමාගම

by Staff writer 08-01-2026 | 9:52 AM

COLOMBO(News1st) - මෙම මාසයට අදාලව ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එම සමාගම පැවසුවේ, පෙර පැවති මිල ගණන් යටතේ මේ මාසයේද ගෑස් අලෙවිය සිදු කරන බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3690 ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1482 ක්.

කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694 ක් බව ලිට්‍රෝ සමාගම පවසයි.

මේ අතර ජනවාරි 02 සිට ක්‍රියාත්මක වන පරිදි  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට ලාෆ් ගෑස් සමාගම පියවර ගත්තා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් ඉහළ දැමුණු අතර  එහි නව මිල රුපියල් 4250 ක්.

ක්‍රිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 65 කින් ඉහළ දැමු  අතර එහි නව මිල 1710 ක් බව ලාෆ් සමාගම පසුගිය 2 වැනිදා නිවේදනය කළේ ය.