Seaplane අනතුර ගැන සොයා බැලීමට කමිටුවක්

ග්‍රෙගරිවැවේ Seaplane අනතුර පිළිබඳ සොයා බැලිමට කමිටුවක් පත් කෙරේ - සිවිල් ගුවන් සේවා අධිකාරිය

by Staff writer 08-01-2026 | 9:48 AM

COLOMBO(News1st) - නුවරඑළිය, ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට සුදානම් වූ සී ප්ලේන් යානයක් අනතුරට ලක්වීම පිළිබද සොයා බැලීමට කමිටුවක් පත්කර තිබේ.

ඒ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් ය.

ඉංජිනේරු හා තාක්ෂණික ඇතුළු අංශ කිහිපයක නිළධාරීන් ඊට ඇතුළත් වේ.

එම යාත්‍රාව ගොඩ ගැනීම් කටයුතු මේ වන ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සඳහන් කළේ ය.

ඒ ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලීසියේ සහය ඇතිවයි.

ඒ අනුව ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා අද දහවල් වන විට එම යානය කොළඹට රැගෙන ඒමට නියමිත බවද ඔහු සඳහන් කළේ ය.