අද වැසි වැඩිවන ප්‍රදේශ මෙන්න

ඌව හා නැගෙනහිර පළාතට මිලිමීටර් 100ට වැඩි තද වැසි පිළිබද අනාවැකි.

by Staff writer 08-01-2026 | 7:13 AM

COLOMBO(News1st) - නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 24 තුල දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ලගාවනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පැවසයි.

මේ අතර කන්සන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට යාත්‍රා කිරීම අත්හිටුවීමට ධීවර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ එක් දින ධීවර යාත්‍රා සහ වෙරළ ආසන්නයේ ධීවර කටයුතු කරන කුඩා යාත්‍රා සඳහා එම කටයුතුවල යෙදිම අනතුරු දායකවීම හේතුවෙන් ය.

එමෙන්ම දිවයිනට නැගෙනහිර සහ ගිණිකොණ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නියැලෙන ධීවර යාත්‍රා  සඳහා ආරක්ෂිත ප්‍රදේශයකට හෝ නැවත ගොඩබිමට යාත්‍රා කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් පිළිබඳ නිකුත් කළ ඉවත්වීමේ රතු නිවේදන තවදුරටත් බලාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ, මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් , නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ මතුරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.

බදුල්ල, මහනුවර සහ මොණරාගල තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නයයෑම් පිළිබද අවධානයයෙන් සිටින ලෙසද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.

මේ අතර දිවයිනේ ජලාශ 35 ක් මේ වන විට වාන් දමමින් පවතියි

ඒ අතර යාන් ඔය, වාහල්කඩ වැව, රාජාංගනය, කලා වැව, මාන්නක්කට්ටිය වැව, සේනානායක සම්ද්‍රය, සොරබොර වැව ඇතුලු ජලාශ ඊට ඇතුළත් වේ.