.webp)

COLOMBO (News 1st) - ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කලේ ඒ හේතුවෙන් අනිද්දා සිට 10 වැනිදා දක්වා උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පළාතෙත්, මධ්‍යම කඳුකරයේ ඇතැම් ස්ථාන වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපෙක්ෂා කරන බවය.
ඒ හේතුවෙන් උතුරු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
