.webp)

COLOMBO (News 1st) - 2026 පළමු පාසල් වාරය අද (05) ආරම්භ වේ.
කෙසේ වෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණියේ සහ පළමු ශ්‍රේණියේ සිසුන් සදහා පළමු පාසල් වාරය අද ආරම්භ වන්නේ නැත.
6 ශ්‍රේණියේ පළමු පාසල් වාරය, ලබන 21 වැනිදා ආරම්භ කරන බව, අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.
පළමු ශ්‍රේණියේ සිසුන් හඳුනා ගැනීම පමණක් අද සිදු වේ.
පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් පළමු පාසල් වාරය විධිමත්ව ආරම්භ වන්නේ, ලබන 29 වැනිදාය.
මේ අතර, මුස්ලිම් පාසල් කාල සටහනේ ද, සංශෝධනයක් කර ඇත.
ඒ අනුව සඳුදා දිනවල සුපුරුදු පරිදි උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා මුස්ලිම් පාසල් පැවැත්වෙනු ඇත.
අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා මුස්ලිම් පාසල් අවසන් වන්නේ, පස්වරු 2.15 ටය.
එම දිනවල ආගමික වතාවත් සඳහා දහවල් 12.30 සිට 12.45 දක්වා කාලය ලබාදෙනු ලබයි.
සිකුරාදා දින පමණක්, ආගමික වතාවත් ඉටු කිරීම සඳහා දේවස්ථාන කරා යාම වෙනුවෙන් පෙරවරු 11.15 ට පාසල් අවසන් වේ.
එදින මුස්ලිම් පාසල්වල ක්‍රියාත්මක වන්නේ, කාලපරිච්ඡේද 4 ක් පමණය.
