වෙනිසියුලානු ජනපති නිව්යෝර්ක් අධිකරණයට රැගෙන එයි.

අමෙරිකානු භාරයේ සිටින වෙනිසියුලානු ජනපති හා බිරිඳ නිව්යෝර්ක් අධිකරණයට රැගෙන එයි.

by Staff writer 05-01-2026 | 8:49 PM

COLOMBO (News 1st) -  අමෙරිකානු භාරයේ සිටින වෙනිසියුලානු ජනපති නිකොලොස් මධුරෝ සහ බිරිද නිව්යෝර්ක් අධිකරණයට රැගෙනවිත් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බෘක්ලින්හි පිහිටි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ සිට විශේෂ හෙලිකොප්ටරයක් මගින් අධිකරණට රැගෙනවිත් ඇති බවයි.

ඒ අනුව ඔහු මෙරට වේලාවෙන් අද රාත්‍රි 10.30ට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

දිස්ත්‍රික් විනිසුරු ඇල්වින් හෙලර්ස්ටයින් ඉදිරියේදී එම නඩුව විභාගයට සිදු කරන බව විදෙස් මාධ‍්‍ය වාර්තා කළේ ය.

වෙනත් ලිපි