කොටස් වෙළෙඳපොළ නමින් ව්‍යාජ ජංගම යෙදුමක්!

කොටස් වෙළෙඳපොළ නමින් පවත්වාගෙන යන ව්‍යාජ ජංගම යෙදුමක් ගැන තොරතුරු හෙළිවෙයි..

by Staff writer 04-01-2026 | 7:38 AM

COLOMBO (News 1st) - කොළඹ කොටස් වෙළඳපොළේ නාමය සහිත ව්‍යාජ ජංගම යෙදුමක් සංසරණය වන බව, කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

එහි අයෝජන, අධ්‍යාපන සහ ශාඛා මෙහෙයුම් කළමනාකරු තාරක අමරසේන ආයෝජකයින්ට දැනුම් දෙන්නේ, විධිමත් ක්‍රමවේදයට අනුව කොටස් වෙළෙඳපොළේ ආයෝජන සඳහා යොමුවන ලෙසය.