.webp)
-607648.jpg)
COLOMBO (News 1st) - අඹතලේ සිට දෙහිවල දක්වා ජලය ගෙනයන ප්‍රධාන නල මාර්ගයේ සිදුවූ බිඳ වැටීම, යථා තත්ත්වයට පත් කර තිබේ.
මේ වන විට ඉන් සාමාන්‍ය පරිදි ජලය නිකුත් කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල පැවසුවේ ය.
අදාළ නල මාර්ගයේ පෙරේදා (02) රාත්‍රියේ බිඳ වැටීමක් සිදු වූයේ බත්තරමුල්ල පයිප්ප පාර ප්‍රදේශයෙනි.
ඒ හේතුවෙන්, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, වැල්ලවත්ත, පාමංකඩ,මුල්ලේරියාව හා කොලොන්නාව ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වුණි.
පැය 15 කට වැඩි මෙහෙයුමකින් අනතුරුව ජල සැපයුම යථා තත්ත්වයට පත් කළ බව, ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ ය.
