.webp)

COLOMBO (News 1st) - අමෙරිකාව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් වෙනිසියුලානු පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පුද්ගලයින් අතර වෙනිසියුලානු හමුදා සාමාජිකයින් ද වන බවය.
ප්‍රහාරයෙන් අමෙරිකාවේ කිසිදු හමුදා සාමාජිකයෙකුට හානියක් සිදුව නොමැති බව, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ප්‍රහාරක යානා වලට වෙනිසුවෙලා ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවය.
එක් ප්‍රහාරයක් අමෙරිකානු හෙලිකොප්ටරයකට එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළ ද, අමෙරිකාව මෙතෙක් එය තහවුරු කර නැහැ.
