ලංකාවාසීන්ට උල්කාපාත වැස්සක් දැකගැනීමේ අවස්ථාවක්

ශ්‍රී ලංකාවාසීන්ට අද(03) රාත්‍රියේ උල්කාපාත වැස්සක් දැකගැනීමේ අවස්ථාවක්

by Staff writer 03-01-2026 | 5:38 PM

COLOMBO(News1st ) -මේ වසරේ පළමු උල්කාපාත වර්ෂාව දැක ගැනීමේ අවස්ථාව අද රාත්‍රියේ උදා වේ.

අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් ගුණසේකර සඳහන් කළේ, බූට්ස් නමැති තාරකා පන්තිය ආශ්‍රිතව ඇතිවන එම උල්කාපාත වර්ෂාව, පියවි ඇසින් දැක ගත හැකි බවයි.

නැවත එවැනි උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමට ලැබෙන්නේ, ලබන අප්‍රේල් මාසයේදී බව ද, ඔහු පැවසුවේය.