.webp)
-607642.jpg)
ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් කළ මූලික පරික්ෂණයේ වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයට භාරදී තිබේ.
එම පරික්ෂණයෙන් සිදුකර ඇත්තේ, ඉංග්‍රීසි මොඩියුලයට නුසුදුසු වෙබ් අඩවියක නම ඇතුළත් වූයේ කෙසේ ද යන්න පිළිබඳව සොයා බැලීමයි.
ඊට අමතරව, එම සිදුවීම සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය විසින් ද, වෙනම පරික්ෂණයක් මේ වනවිට සිදු කෙරෙන බව, අප කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, සිද්ධියට වගකිව යුත්තන් සොයා, තවත් පරික්ෂණ කමිටුවක් කඩිනමින් පත් කරන බවයි.
මේ අතර, ප්‍රශ්නගත 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය බෙදා හැරීමට පෙර සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂඥයින්ගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි ද, ඔහු ප්‍රකාශ කළේ ය.
ඔවුන් දෙන නිර්දේශ මත පදනම්ව, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය ළමුන් අතට පත් කිරීමට කඩිනමින් පියවර ගැනෙනු ඇති.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනූව සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන ද, කඩිනම් කර තිබේ.
එම නිලධාරීන් මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව, අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
පරික්ෂණවලට සහය දැක්වීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ද, මේ වනවිට තාවකාලිකව සිය ධුරයෙන් ඉවත් වී තිබේ.
