පහරදීමකින් 14 හැවිරිදි දරුවෙකු මරුට.

දැරණියගල, නූරියවත්ත ප්‍රදේශයේදී පහරදීමකින් 14 හැවිරිදි දරුවෙකු මරුට.

by Staff writer 03-01-2026 | 4:06 PM

COLOMBO (News 1st) -  දැරණියගල, නූරියවත්ත ප්‍රදේශයේදී පහරදීමකින් 14 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ,ළමයෙකුට පහර දෙන බවට ඊයේ(02) රාත්‍රීයේ ලද පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පිරිමි ළමයෙකු නිවස අසල වැටී සිට ඇති බවයි.

එහිදී නිළධාරින් විසින් දරුවා නූරිය රෝහලට ඇතුලත් කිරීමේදී  මියගොස් ඇති බවට රෝහල් වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සැකපිට දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන ඇති බවයි.