කොටියාකුඹුරේ රිය අයෙක් පුද්ගලයෙක් මියයයි

කොටියාකුඹුරේ රිය අනතුරකින් පුද්ගලයෙක් මියයයි..තවත් අයෙකුට තුවාල..

by Staff writer 03-01-2026 | 12:06 PM

COLOMBO (News 1st) - කොටියාකුඹුර අරුක්ගම්මන මාර්ගයේ අන්නාසිගල මාර්ගය ආසන්නයේදී ලංගම බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇත.

මියගොස් ඇත්තේ  15 හැවිරිදි අරුග්ගම්මන වාරත්තැන්න ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

හොරණ මතුගම මාර්ගයේ බුලත්සිංහල වැහිමඩුව  හන්දියේදී සිදුවූ තවත් රිය අනතුරකින් 77 හැවිරිදි පුද්ගලයෙකු මියගියේ ය.

පොලීසිය පැවසුවේ මෝටර් රථයක් යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය.

මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසන ලදි.