අඹතලේ-දෙහිවල ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳ වැටිමක්!

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳ වැටිමක්!

by Staff writer 03-01-2026 | 12:21 PM

COLOMBO (News 1st) - අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන නල මාර්ගයේ හදිසි බිදවැටිම්ක් හේතුවෙන් ප්‍රාදේශ රැසකට ජලසැපයුම අත්හිටුවා තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පැවසුවේ ඒ අනුව මොරටුව , රාවතාවත්ත , සොයිසා පුර, රත්මලාන , ගල්කිස්ස , දෙහිවල, වැල්ලවත්ත ,පාමංකඩ ,මුල්ලේරියාව හා  කොලොන්නාව ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති බවය.

අඩු පීඩන තත්ත්වය යටතේ බත්තරමුල්ල ප්‍රදේශයට ජලය  සැපයේ.

අද මධ්‍යම රාත්‍රියට පෙර අදාල ප්‍රදේශවලට ජල සැපයුම ලබා දිමට අපේක්ෂා කෙරෙන බව ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පැවසුවේ ය.