.webp)

COLOMBO (News 1st) - ලිට්රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව තීරණය එළෙඹෙන සඳුදා ප්‍රකාශ කරන බව ලිට්රෝග්රෑස් සමාගම පවසයි.
මේ අතර ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි කිරීමට ලාෆ් ගෑස් සමාගම පියවර ගත්තේ ය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 4250කි.
ක්‍රිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 65 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල 1710 ක් බව ලාෆ් සමාගම නිවේදනය කරන ලදි.
