නවගමුව කොරතොට මැණිකාගාර ප්‍රදේශයේ වෙඩි තැබීමක්

නවගමුව කොරතොට මැණිකාගාර ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..

by Staff writer 02-01-2026 | 6:28 AM

COLOMBO (News 1st) - කඩුවෙල නවගමුව කොරතොට වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ (01) රාත්‍රී කාලයේ  නිවසක් තුළ සිටි පුද්ගලයින් තුන්දෙනෙකුට යතුරු පැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

වෙඩි වැදීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් සිටි අතර අනෙක් දෙදෙනා හෝමාගම රෝහලට ඇතුලත් කර තිබේ.

මියගොස් ඇත්තේ 20 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ය.

පිස්තොලයකින් වෙඩි තැබීම සිදු කර ඇත.

නවගමුව සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ෂණ අංශය විසින් වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලැබේ.