මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට.

by Staff writer 01-01-2026 | 4:17 PM

COLOMBO(News1st) - ගන්දර, දෙවිනුවර ප්‍රදේශයේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, හෙරොයින් ග්‍රෑම් 115 මිලිග්‍රෑම් 200 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 700 ක් හා රුපියල් ලක්ෂ 05ක් පමණ මුදලක්ද සිය භාරයට ගත් බවයි.

සැකකරු 38 හැවිරිදි දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකුගේ සමීපතයෙකු බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු අද (01) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.