.webp)
-607359.jpg)
COLOMBO (News 1st) - 2025 වසරේදී ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ගණන් 60%කින් පමණ ඉහළ ගොස් තිබේ.
ඉතිහාසයේ වාර්තා වූ ඉහළම රන් මිල ගණන් වාර්තා කරමින්, පසුගිය දෙසැම්බර් 26 වැනිදා රන් අවුන්සයක මිල ඩොලර් 4,549ක් දක්වා ඉහළ ගියේ ය.
වසර ආරම්භයේදී රත්‍රන් අවුන්සයක මිල සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 2690ක් ලෙසිනි.
රත්‍රන් මිල ගණන් වලට සාපේක්ෂව ලෝක වෙළඳපොලේ රිදී සහ ප්ලැටිනම් මිල ගණන්ද කැපී පෙනෙන ලෙස ඉහළ යන ලදි.
මේ වසරේ ලොව පුරා මහ බැංකු සිය රත්‍රන් සංචිත වර්ධනය කරගැනීමත් අමෙරිකානු මහ බැංකුව නැවතත් සිය පොලී අනුපාත අඩු කරනු ඇති බවටත් පළවූ වාර්තා ලෝහ මිල ගණන් ඉහළ යාමට හේතුවූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
