ලතා වල්පොලගේ දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය අද..

හෙළයේ ගීත කෝකිලාව ලතා වල්පොලගේ දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය අද නිදහස් චතුරශ්‍රයේදී..

by Staff writer 31-12-2025 | 6:54 AM

COLOMBO (News 1st) -හෙළයේ ගීත කෝකිලාව, කලාසූරී අභාවප්‍රාප්ත ලතා වල්පොලගේ දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය අද පස්වරුවේ කොළඹ නිදහස් චතුරශයේදි සිදු කෙරෙයි.

ඒ පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ය.

ඉන් අනතුරුව දේහය භූමිදානය කිරීම සඳහා බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන යාමට නියමිතයි

කලාශූරී ලතා වල්පොලගේ දේහය මහජන ගෞරවය සඳහා අද පෙරවරු 8.30 සිට කොළඹ නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තැබෙනු ඇති.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  අභාවප්‍රාප්ත වනවිට ඇගේ වයස අවුරුදු 91 කි.

දශක හතකට අධික කාලයක් මෙරට රසිකයින් වෙනුවෙන් ගී ගැයූ ලතා වල්පොල මෙරට සිනමාවේ ස්වර්ණය සටහන් තැබූ ප්‍රවීණ ගායිකාවකි.

කලාශූරි ලතා වල්පොලගේ දේහය මහජන ගෞරවය සඳහා ඊයේ රාත්‍රිය දක්වා තැන්පත් කර තැබුණේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකයි.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, හිතවතුන්,දේශපාලඥයින් මෙන්ම රසිකයින් රැසක්ද ඊයේ රාත්‍රිය දක්වාම එහි පැමිණියේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානායකද කලාශූරී ලතා වල්පොලගේ දේහයට ඊයේ රාත්‍රි අවසන් ගෞරව දක්වනු ලැබුයේ ය.