ඩේමියන් මාටින් කෝමා තත්ත්වයක..

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේමියන් මාටින් මෙනින්ජයිටිස් රෝගය වැළදීම හේතුවෙන් රෝහල්ගත කෙරේ..

by Staff writer 31-12-2025 | 10:09 AM

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේමියන් මාටින් ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හි රෝහලක ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ, මෙනින්ජයිටිස් රෝගය වැළදීම හේතුවෙන් ය.

විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ , 54 හැවිරිදි ඩේමියන් පසුගිය 26 වැනිදා අසාධ්‍ය වී රෝහල් ගත කර ඇති අතර, මේ වන විට කෝමා තත්ත්වයේ පසුවන බවයි.

ඩේමියන් මාටින් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 67ක්, එක්දින තරග 208ක් සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග 4ක් ක්‍රීඩා කර තිබේ.