වෙසක් පොහෝ දිනය සංශෝධනයට තීරණයක්..

වෙසක් පොහෝ දිනය සංශෝධනයට තීරණයක්..

by Staff writer 31-12-2025 | 9:02 AM

COLOMBO (News 1st)- ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි මෙවර වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය සංශෝධනය කරන බව රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, එය ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.

2026 මැයි මස 30වැනි දිනට යෙදෙන පුර පසළොස්වක දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීම සුදුසු බව ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ඊයේ පැවසුවේ ය.

ත්‍රෛිනිකායික මහනායක හිමිවරු  පෙන්වා දෙන්නේ 2026 මැයි 01 වැනි දින සහ මැයි 30වැනි දින යන දෙදිනම පසළොස්වක හොහොය යෙදෙන බවයි.

දැනට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් ප්‍රකාශිත දින දර්ශනයන්හි 2026 මැයි 01වැනිදා වෙසක් පුන් පොහොය ලෙසත් 2026 මැයි 30 වැනිදා අධි පොසොන් පුර පළොස්වක පොහොය දිනය ලෙසත් යොදා ඇති බව ද උන්වහන්සේ පෙන්වා දුන්නේ ය.

මහා නාහිමිවරුන් පෙන්වා දෙන්නේ වෙසක් පොහොය සැමරෙන්නේ විසා නැකතින් බවයි.

එහෙත් මැයි පළමුවැනිදා යෙදෙන පොහොය උදා වන්නේ විසා නැකතින් නොවන බවද උන්වහන්සේ පෙන්වා  දුන්නේ ය.