කාම්බෝජ හමුදා සාමාජිකයින් 18ක් නිදහස්

මාස පහක කාලයක් තායිලන්තය භාරයේ සිටි කාම්බෝජ හමුදා සාමාජිකයින් 18 දෙනෙකු නිදහස් කෙරේ.

by Staff writer 31-12-2025 | 4:43 PM

COLOMBO(News1st) -  මාස පහක කාලයක් තායිලන්තය භාරයේ සිටි කාම්බෝජ හමුදා සාමාජිකයින් 18 දෙනෙකු නිදහස් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය ජූලි මාසයේදී දෙපාර්ශවය අතර ඇති වූ දේශ සීමා ගැටුම් අතරතුරදී අදාළ කාම්බෝජ හමුදා සාමාජිකයින් තායිලන්ත බලධාරීන්ගේ අත්අඩංගුවට ගැනුණු බවයි.

ජූලි මාසයේදී දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම් අමෙරිකාවේ සහ මලයාසියාවේ මැදිහත්වීමෙන් සමථයකට පත්වුවද, දෙසැම්බර් මාසය මුල් සතියේදී යලිත් වරක්, තායිලන්ත - කාම්බෝජ දේශ සීමා ගැටුම් ඇවිලී ගියේය.

කෙසේ නමුත් පසුගිය සති අන්තයේදී ඔවුන් යළිත් සටන් විරාමයකට එකඟ වූ අතර, එහි කොන්දේසියකට අනුව අද(31) කාම්බෝජ හමුදා සාමාජිකයින් නිදහස් කර තිබේ.