පේරු රාජ්‍යයේ දුම්රිය අනතුරකින් 40කට තුවාල

පේරු රාජ්‍යයේ දුම්රිය දෙකක් ගැටීමෙන් දුම්රිය රියැදුරෙකු මරුට, 40ක වැඩි පිරිසකට තුවාල.

by Staff writer 31-12-2025 | 4:22 PM

COLOMBO(News1st) - පේරු රාජ්‍යයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් දුම්රිය රියැදුරෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 40ක වැඩි පිරිසක් ඉන් තුවාල ලබා ඇති බවයි.

ඉන්කා බලකොටුවක් වන මාචු පීචු නගරයේ නටඹුන් නැරඹීමට ගිය සංචාරකයින් රැගත් දුම්රිය දෙකක් එලෙස අනතුරට ලක්ව ඇතැයි, විදෙස් වාර්තාවල සඳහන්.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.