.webp)

COLOMBO (News 1st) -මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකලපුව අම්පාර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද දිනයේ මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ අනාවැකියේ සඳහන් කළේ උතුර,නැගෙනහිර ,මධ්‍යම,උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
සෙසු ප්‍රදේශවලට පස්වරු දෙකෙන් පසුව වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් අළුයම් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ අණාවැකියේ සඳහන් ය.
