කොළඹ නගරය ආශ්‍රිතව අද විශේෂ ආරක්ෂක සැලැස්මක්

කොළඹ නගරය ආශ්‍රිතව අද රාත්‍රියේ විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් -පොලීසිය

by Staff writer 31-12-2025 | 6:57 AM

COLOMBO (News 1st) - 

කොළඹ නගරය ආශ්‍රිතව අද රාත්‍රියේ  විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන්  කළේ, රථවාහන හා ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 1,200 ක පමණ පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි.

නව වසර සැමරීම සඳහා අද දිනයේ කොළඹ නගරය වෙත විශාල ජනතාවක් සහ රථවාහන සංඛ්‍යාවක්  පැමිණෙතැයි අපේක්ෂා කෙරෙයි.

ඒ හේතුවෙන් ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම හා ජනතාවගේ ආරක්ෂාව සඳහා එම සැලැස්මක ක්‍රිායාත්මකයි

විශේෂයෙන් ගාලු මුවදොර පිටියේ නව අවරුදු සැමරුම් සඳහා  ජනතාව විශාල වශයෙන් පැමිණෙනු ඇතැයි පොලිසිය පැවසුවේ ය.

කොළඹ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත යන පොලිස් වසම් ආශ්‍රීතව එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මකයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, දිවයින පුරා බීමත් හා මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බවයි.