.webp)
-607261.jpg)
COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක භාවය අද (30) දිනයේත් පහළ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
ඒ ඉන්දියාව දෙසින් එන දූෂිත වායූ හේතුවෙන්.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වායු දූෂණ කළමණකාරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරි පැවසුවේ සංවේදී පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවය.
කෙසේ වෙතත් අද සවස් කාලයේ සිට පවතින තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.
