වසරකදී මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව අද

ඉතිහාසයේ වසරකදී මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව අද වාර්තා වෙයි.

by Staff writer 29-12-2025 | 11:47 AM

COLOMBO (News 1st) - වසරක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව අද වාර්තා වුණි.

ඒ, වසර 7 කට පසුවය.

මේ වසර තුළ පැමිණි, 23 ලක්ෂ 33 797 වැනි සංචාරකයා, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණියේ ය.

2018 වසරේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව, 23 ලක්ෂ 33 796ක්.