.webp)
-607041.jpg)
COLOMBO (News 1st) - හික්කඩුවේ මුහුදු තීරයේ දිය නෑමට ගිය විදේශීය යුවලක් දියේ ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සිව් දෙනෙකු විසින් එම යුවලගේ ජීවිත බේරා ගෙන ඇත.
හික්කඩුව නාරිගම මුහුදු තීරයේ දියනෑමට ගිය විදේශීය යුවලක් දිය වැලකට හසු වී මුහුදට ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් එම විදේශීය යුවලගේ ජීවිත බේරා ගෙන අවශ්‍ය ප්‍රථමාධාර ලබා දී තිබේ.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ වයස 23 හා 20 වයස්වල පසුවන බෙලරූස් ජාතික යුවලක් ය.
