හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල අභාවප්‍රාප්ත වෙයි

හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 27-12-2025 | 8:27 PM

COLOMBO (News 1st) - හෙළ ගීත කෝකිලාවිය ලෙසින් විරුදාවලි ලත්, ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල, අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ඥාතීන් සදහන් කළේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට ටික වේලාවකට පෙර ඇය අභාවප්‍රාප්ත වූ බවයි.

අභාවප්‍රාප්ත වනවිට ලතා වල්පොල මහත්මියගේ වයස, අවුරුදු 92 කි.

හෙළ සිනමාවේ යුග ගණනාවක් සිය මධුර හඬින් වර්ණවත් කළ ඇය, ගුවන් විදුලිය, වේදිකාව, පුංචි තිරය මෙන්ම සරල ගීතය, සිය මනෝහර නාදයෙන් රසවත් කළා ය.