දිට්වා නිසා විශාල ප්‍රමාණයේ නායයෑම් 1200ක්!

ආපදා තත්ත්වය හමුවේ වාර්තා වූ විශාල ප්‍රමාණයේ නායයෑම් සංඛ්‍යාව 1200ක්! - ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය

by Staff writer 27-12-2025 | 8:32 AM

COLOMBO (News 1st) - දිට්වා සුළි කුණාටුවත් සමග දිවයිනපුරා විශාල ප්‍රමාණයේ නායයාම් 1200 කට අධික සංඛ්‍යාවක් වාර්තාවී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් විශාල ප්‍රමාණයේ නායායාම් 363ක් වාර්තාවී ඇති බවයි.

නේවාසික කටයුතු සීමා කල නායයාමේ අධි අවදානම් කලාපවල පාංශු ඛාදනය වැලැක්වීම සඳහා ඉදිරියේදී බෝග වගා කරන බවද ඔහු පැවසුවේ ය.