වෛභව් සූර්යවංශි වටිනා සම්මානයක්

වෛභව් සූර්යවංශි ඉන්දීය දරුවෙකුට ලැබෙන ඉහළම සම්මානයෙන් පිදුම් ලබයි

by Staff writer 26-12-2025 | 5:10 PM

COLOMBO (News 1st) - 14 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්යවංශි එරට දරුවෙකුට ලැබෙන ඉහළම සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඒ, එරට ජනාධිපති ද්‍රෞපදී මුර්මු අතින්.

​රාෂ්ට්‍රීය බල් පුරස්කාර් සම්මානය නොහොත් ජාතික ළමා සම්මානය ලෙස එය හඳුන්වන අතර ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ දස්කම් හේතුවෙන් ඔහුට එම සම්මානය පිරිනැමූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

වෛභව් සූර්යවංශි මීට දින දෙකකට පෙර බිහාර් කණ්ඩායම නියෝජනය කරමින් අරුණාචල් ප්‍රදේශයට එරෙහිව පන්දු 84කින් ලකුණු 190ක් රැස් කළේය.

ඒ, ලොව ලාබාලතම List A ශතකලාභියා බවට පත්වෙමින් වීමත් විශේෂතවයකි.

ඔහු සිය ශතකය පන්දු 36කින් සම්පූර්ණ කිරීමට ම ඉනිමේදි සමත් විය.